brand logo

කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

01 October 2019

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඝාතන සිදු කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව පවරා ඇති නඩු 5 ක් අද සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා එම නියෝගය ලබා දී ඇත. ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට මේ වන විටත් වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වී කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇත.
 

More News..