brand logo

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවම්

23 August 2019

ඩුබායිහි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්හට වසර 6ක සිරදඬුවම් නියමකර ඇති බව වාර්තා වෙයි. ඔහු අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිරදඬුවම නියමකර ඇත. 2013 සැප්තැම්බර් 18 මාලිගාවත්තේදී ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රැම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු කරමිනි. කංජිපානි ඉම්රාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ අතර විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබීය.
 

More News..