brand logo

කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට

12 September 2019

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා බැලීමට පැමිණි ඔහුගේ පියා හා සොහොයුරෙකු ඇතුථ 6 දෙනෙකු ඔහුට ලබාදිම සදහා ආහාර බාස්කට් තුල දුරකථන දෙකක් සගවාගෙන රැගෙනවිත් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) දිනට නියමිත සිරකරු දිනයේදී මෙම විශේෂ ඝනයේ සිරකරුවන් හමුවිම සදහා ඔවුන්ගේ ළගම ඥාතින් සදහා අවස්ථාව ලබාදි තිබූ අතර එම අවස්ථාවේ කංජිපානි ඉම්රාන්ගේ පියා හා සොහොයුරා පවුලේ ඥාතීන් විසින් රැගෙන ආ ආහාර බාස්කට් පිලිබදව සැකසිති බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකල පරික්‍ෂාවේදී සූක්‍ෂම ලෙස බාස්කට් දෙක තුල තවත් අඩියක් සකසා සගවා තිබූ දුරකථන දෙකක් හා එම චාජර් දෙකක් හමුවි ඇත. ඒ අනුව අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා වැඩිදුර පරික්‍ෂණ සදහා පොලිසියට භාරදී ඇති අතර රත්ගම පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
 

More News..