brand logo

කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනාට ඇප

16 October 2019

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුර කතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  රිමාන්ඩ්  බන්ධනාගාරගත කර සිටි සැකකරුවන්  හය දෙනා  අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එක් අයෙකු  රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කලේය.
ඇපකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවෙකු වියයුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියම කලේය.
 මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කන්ජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65)සද්ධර්ම මාවත කොළඹ 10,මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්(28  අයියා) .මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්(28 බිරිඳගේ අක්කගේපුතා)  මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්(23 බිරිඳගේ මල්ලි)මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28  බිරිඳගේ මල්ලි) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනෙකි.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණ දක්වමින් කියා සිටියේ සැකකරුවන් දින තිස් පහක් රිමාන්ඩ් බන්ධනාගරගතව සිටි අතර අයුතු ඇතුලුවිම සහ නීති විරෝධි ජන රාශියක සාමාජිකයින්විමක් සිදුව  නොමැති අතර බන්ධනාගාරයට දුර කතන දෙකක් ගෙනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර පනත යටතේ කරුණු ගොනුකල යුතු බවය.
ඉකුත් සැප්තැම්බර් මස  (12) පවත්වන ලද සිරකරු සුබ සාධක  දිනය නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලිමට අවස්ථාව ලබාදි තිබු අතර ඒ අනුව කන්ජිපානිගේ පියා සහෝදරයා සහ ඇතුලු සැකකාර ඥාතින් සිව් දෙනාද කෑම බඳුනක්ද රැගෙන පැමිණ ඇත.එම කෑම බඳුන දීමට පෙර බන්ධනාගාර නිලධාරින් විසින් එය පරීක්ෂා කිරිමේදි  ප්ලාස්ටික් බඳුනේ  පතුලේ සුක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුර කතන දෙකක් සිම් කාඩ් දෙකක් සහ චාජර් දෙකක් සොයාගෙන ඇත.
සියලු කරුණ සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට මෙසේ ඇප නියම කලේය.
රත්ගම පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත මහතාගේ උපදෙස්  පරිදි  සැරයන් දේවසිංහ (17205)මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන්  නිතිඥ රවි දොඩම්පෙගම මහතා සමග නිතිඥ ප්‍රදීප් මදනායක මහතා පෙනී සිටියේය.
වැඩිදුර විභාගය ජනවාරි 8වනදිනට කල් තබන ලදී.
 

More News..