brand logo

කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 06ක් රිමාන්ඩ්

13 September 2019

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් 06දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සැකකරුවන් රත්ගම පොලිස් ස්ථානය මඟින් අද(06) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සැප්තැම්බර් මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඊයේ(12)දින බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..