brand logo

කංජිපානිගේ ගෝලයෙක් අල්ලයි

12 June 2021

අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක්ව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි. ඊයේ (11) සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර 30 හැවිරිදි එම පුද්ගලයා “ක්ලෙමන්“ නැමති නාමයෙන් හඳුන්වනු ලබන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.
 

More News..