brand logo

ඖෂධ සංස්ථා හිටපු සභාපතිගේ දූෂණ, වංචා දන්නවානම් කියන්න

28 November 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එල්ලවන දුෂණ චෝදනා පිළිබඳ සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහුව රටින් පිටවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පවසයි. එම දූෂණ පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී රූමි මොහොමඩ් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේදී සිදුකොට ඇති බව කියන දූෂණ වංචා මූල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගත වීමට උත්සාහ දැරීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමුකොට ඇමැතිවරිය මෙම තීරණය ගෙන තිබේ. තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති බව කියන දුෂණ, වංචා ඇතුළු මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද ඇමැතිවරිය නිලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. ශිරන්තනි මානඩවු
 

More News..