brand logo

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

09 January 2019

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියට අනුව ක්‍රීඩකයින් 16දෙනෙකු මෙලෙස නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. මෙම ටෙස්ට් තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්, දි‌නේශ් චන්දිමාල් - නායක දිමුත් කරුණාරත්න - උපනායක ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් සධීර සමරවික්‍රම ධනංජය ද සිල්වා රොෂේන් සිල්වා නිරෝෂන් දික්වැල්ල කුසල් ජනිත් පෙරේරා දිල්රුවන් පෙරේරා ලක්ෂාන් සදකැන් සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ලහිරු කුමාර දුෂ්‍යමන්ත චමීර කසුන් රජිත
 

More News..