brand logo

ඕස්ට්‍රේලියාව පරදවා ඉන්දියාව කඩුළු 6ක ජයක් ලබයි

15 January 2019

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය කඩුළු 6කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඇඩිලේඩ් හි පැවැති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 298ක් රැස්කර ගත්තා. එහිදී ෂෝන් මාර්ෂ් ලකුණු 131ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර් කඩුළු 4ක් දවාගත්තා. ඉන් අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදී කඩුළු 4ක් පමණක් දැවී තිබියදී ලකුණු 299ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා. ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ලකුණු 104ක් ලබාගත් අතර, කෝලි විසින් ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි ඩිල්ෂාන්ව පසුකරමින් එම ස්ථානය හිමිකර ගත්තා. ඩිල්ෂාන් එක්දින තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු 10339ක් රැස්කරමින් ඩිල්ෂාන්ගේ වාර්තාව මෙලෙස අභිබවා ගියා. කෝලි අද රැස්කළේ සිය 39 වැනි එක්දින ශතකය වන අතර එය දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කරගෙන ඇති සචින්ට පමණක්වීමද විශේෂත්වයක්. ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම ජයගෙන සම තත්ත්වයේ පසුවනවා. අවසන් මහා තරගය ලබන 18 වැනිදා මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතයි.
 

More News..