brand logo

ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40ක ජයක්

26 January 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40ක් සමග ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානුවන් ලකුණු 323ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 179ක අභියෝගයක් හිමිවුණා. ඉනිමක පරාජයෙන් බේරීම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට එය සාර්ථක කර ගැනීමට හැකියාව හිම වුණේ නැහැ. ශ්‍රී ලංකා පිලේ සියලුම පිතිකරුවන් ලකුණු 139කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 40ක සහ ඉනිමක ජයක් හිමිවුණා.
 

More News..