brand logo

ඕස්ට්‍රේලියානු පිල ලකුණු 323කට දැවී යයි - සුරංග කඩුළු 5ක් දවාගනී

25 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 323කට දැවී ගියා. ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් Travis Head ලකුණු 84ක් සහ Marnus Labuschagne ලකුණු 81ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Marcus Harris ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව දිල්රුවන් පෙරේරා කඩුළු දෙකක් සහ ධනංජය ද සිල්වා, දුෂ්‍යමන්ත චමීර සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 144ක් ලබාගත්තා. එහිදී තරමක් හෝ සාර්ථකවීමට හැකි වූයේ නිරෝෂන් දික්වැල්ලට පමණයි. ඔහු ලකුණු 64ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 174ක් ඉදිරියෙන් සිටිනවා.
 

More News..