brand logo

ඕස්ට්‍රේලියානු පිල පළමු ඉනිමට ලකුණු 321යි

01 July 2022

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 77ක් ලබාගත්තේය. උස්මාන් කවාජා ලකුණූ 71යි. පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ජෙෆ්රි වැන්ඩර්සි කඩුළු 2යි. අසිත ප්‍රනාන්දු කඩුළු 2යි. ධනංජය සිල්වා එක් කඩුල්ලක් දවාගත්තේය. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 212කි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 109ක් ඉදිරියෙන් සිටීයි. මේ වන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.
 

More News..