brand logo

ඕස්ට්‍රේලියානු නායකයාගෙන් අතින් ආර්චිට ටෙස්ට් හිස්වැසුම පිරිනැමෙයි

26 December 2018

ලොව පුරා දැඩි කතාබහකට ලක්ව සිටින වයස අවුරුදු 7ක් වන කුඩා ආර්චි ස්චිලර්ට අද ඕස්ට්‍රේලියානු නායක ටිම් පේනි අතින් ටෙස්ට් හිස් වැසුම පිරිනැමුණා. ඒ ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය ආරම්භවීමට සුළු වේලාවකට පෙරදීයි. ආර්චි දරුණු හදවත් රෝගයකින් පෙළෙන දරුවෙකු වන අතර ඔහුගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරීමයි. මාස තුනේ පටන් ශල්‍ය කර්ම කිහිපයකට භාජනය වූ ආචිගේ සිහිනය සැබෑ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් ආයතනයත් කටයුතු කරනු ලැබුවා. ඒ ඔහු හදවත් රෝගය හේතුවෙන් කොපමණ කාලයක් දිවි ගෙවයිද යන සැකය ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවිනිශ්චිත තාවය හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයට ගෙන ඇත. ඉන්දීය - ඔස්ටේ්‍රලියා කණ්ඩායම් අතර මෙම තරගය මේ වන විට ‌මෙල්බර්න් හිදි පැවැත්වෙමින් තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මේ වන විට ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 164ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා.
 

More News..