brand logo

ඕස්ට්‍ර්ලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප

28 September 2018

ත්‍රස්තවාදී  සංවිධානයකට සම්බන්ධ වී අපරාධ ක්‍රියා සැලසුම් කළැයි සැකපිට ඔස්ට්‍රේලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප ලැබී තිබේ. ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් අපරාධ සැලසුම් සටහන් අඩංගු බව කියන පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් විසින් තහවුරු කර තිබීම හේතුවෙන් එරට අධිකරණය මගින් සිසුවාට ඇප නියම කර ඇති බව ඔස්ට්‍ර්ලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. මොහොමඩ් කමර් නිසාම්ඩීන් නමැති මෙම තරුණයා නිර්දෝෂී බව පවසමින් පසුගිය දිනවල ඕස්ට්‍ර්ලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් උද්ඝෝෂණයක්ද පවත්වා තිබුණු අතර එම තරුණයාගේ ඥාතියෙක් වන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද පසුගිය දිනවල පැවසුවේ තම ඥාති දරුවා නිර්දෝෂී බවත් ඔස්ට්‍ර්ලියානු අධිකරණය කෙරේ තමන් විශ්වාසය තබන බවත්ය. ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලසුම් තිබූ බවට චෝදනා නගමින් මෙම සිසුවා පසුගිය අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
 

More News..