brand logo

ඔෆිස් එකේ සිදු වූ දේ බිරිඳට ලීක් වෙලා

16 February 2022

හාදුවක් ගිය දුර

කාර්යාලයේ සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් අමනාප වූ බිරිද සිය භාරයට ගැනීමට සති ගණනක් මහන්සිවන්නට සිදුවූ ස්වාමියෙකු පිළිබඳව දකුණේ මැද නගරයකින් අසන්නට ලැබෙනවා. කාර්යාලයේ සිටින පිරිස සහෝදර සහෝදරියෝ මෙන් ලෙංගතු හෙයින් සේවිකාව සිය උපන්දින සාදය කාර්යාලයේදී ගෙන තිබේ. සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට කවන අතර තුර ඔවුන් ඇයට සුබ පැතුවේ උණුසුම් හාදු වැස්සකිනි. ඔහු රාජකරි නිම වී නිවසට ගිය විට බිරිඳ නිවසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසා එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි. සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගෙන තිබේ. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේ මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීමෙන් පසු ඇය නැවත ගෙදර ගොස් තිබේ.
 

More News..