brand logo

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 31ක ජයක්

10 December 2018

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ඇඩිලේඩ් පිටියේ ප්‍රළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 250ක් රැස්කර ගත්තා. එහිදී චේතේෂ්වර් පූජාරා ලකුණු 123ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 235ක් ලබාගත්තා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 307ක් රැස්කර ගත්තා. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 323ක අභියෝගයක් හිමිවුණා. නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 291ක් පමණයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 31ක ජයක් හිමිවුණා. ටෙස්ට් තරග 4කින් සමන්විත මෙම තරගාවලිය 1ට 0ක් ලෙස ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
 

More News..