brand logo

ඔස්ට්‍රේලියාවට ලකුණු 143ක අභියෝගයක්

01 November 2019

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 142ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙ‌රේරා ලකුණු 57ක් රැස්කර ගත් අතර, ඊයේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක්, භානුක රාජපක්ෂ නොදැවී ලකුණ 17ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස් සහ කේන් රිචඩ්සන් කඩුළු 2ක බැගින් දවා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියානු පිල ලකුණු 144ක් ලබාගත යුතු වේ.
 

More News..