brand logo

ඔස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

01 November 2019

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරගයත් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. ඒ කඩුළු 7කින් තරගය ජයගැනීමත් සමගය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 142ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් පෙ‌රේරා ලකුණු 57ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක්, භානුක රාජපක්ෂ නොදැවී ලකුණ 17ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස් සහ කේන් රිචඩ්සන් කඩුළු 2ක බැගින් දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 17යි පන්දු 4කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 145ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් රැස්කර ගත් අතර, නායක ෆින්ච් ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලිංග, ලහිරු සහ ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවාගත්තේය. ඒ අනුව මෙම තරගාවලියේ තරග තුනම ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු පිල සමත් විය.
 

More News..