brand logo

ඔස්ට්‍රේලියානු කිරි ගවයන් විසි දහසක් ගෙන්වීමට සැලසුම්

01 January 2021

මේ වසරේ දී ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් විසි දහසක් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත ඇමැති ඩී.බී. හේරත් පවසයි. මෙරට කිරි කර්මාන්තය නංවාලීම සඳහා මෙම පියවර ගන්නා බවද ඇමැතිවරයා කීවේය. කිරි ගවයන් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා කිරි කර්මාන්තයේ යෙදෙන පිරිස මුදල් ආයෝජනය කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මේ වසරේ දී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන බවත්, දිවයිනේ පශු වෛද්‍ය කාර්යාල 273 ආශ්‍රිතව ගොවි බල මණ්ඩල පිහිටුවන බවද ඔහු පැවසුවේය. කිරි ගවයන් පිටරටින් මෙරටට නොගෙන්වා කිරි කර්මාන්තය නංවාලීමේ ඉලක්කයට පිවිසීමට නොහැකි බවත්, විදේශ රටවලින් ආනයනය කරනු ලබන කිරි ගවයන්ගේ දෙවැනි, තුන්වැනි පැටවුන් දේශීය කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..