brand logo

ඔස්ට්‍රේලියානුවන් ඉදිරියේ ඉන්දියානුවන්ට ලකුණු 4ක පරාජයක්

22 November 2018

ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායාට අනුව ලකුණු 4කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුනේ ඔස්ට්‍රේලියානු බ්‍රිස්බේන් හිදීයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සදහා ඔස්ට්‍රේලියානුවන්ට ආරාධනා කර සිටියා. තරගය ආරම්භයට පෙරම වර්ෂාවෙන් බාධා එල්ලීවීම හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 17 තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 158ක් ලබාගැනීමට සමත් වුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැක්ස්වෙල් ලකුණු 46ක් ලබාගත්තේ සුපිරි හයේ පහර 4ක් ද සමගයි. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 17 තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණයි. ඉන්දීය පිල වෙනුවෙන් ශිකර් ධවාන් ලකුනු 76ක් ලබාගත්තා.
 

More News..