brand logo

ඔව් අපිට පුළුවන් - ඉන්දියානුවන් ඕස්ට්‍රේලියානුවන්ට කරපු දේ අපිටත් කරන්න පුළුවන්

22 January 2019

ඉන්දියානු පන්දු යවන්නන්ට කරන්න පුළුවන් වුනදේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට ද කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට ද එය කළ හැකි බවයි. අනෙකන් පන්දු යවන්නන්ට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා වගේම අපේ කණ්ඩායමේ පන්දු යවන්නන්ටත් කරන්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. හරි වෙලාවේදි අපි උත්සාහය ගන්නවා. පන්දු යැවීමෙන් පන්දුවට පහරදීමෙන් එමෙන්ම පන්දු රැකීමෙන් ඉන්දියාව ලොකේ ඔ්නෑම තැනක තමන්ගේ දක්ෂතාවය පෙන්වනවා. මං විශ්වාස කරනවා අපිටත් පුළුවන් ඉන්දියානුවන්ට වගේම. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව එක්ක අපි තරග කරනවා වගේම අපිත් තරග ජයග්‍රහණය කරන්න කැමතියි, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටක තරග දිනන්න අපි ආසයි. ඒ වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියන්නේ ඉතාමත් හොද ස්ථාවරයක සිටින කණ්ඩායමක් කියන්නත් මම කැමතියි.
 

More News..