brand logo

ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු තැනට චීනය

30 July 2021

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පළමු ස්ථානයට පැමිණීමට චීනය සමත්ව තිබේ.

චීනය රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනාගෙන ඇත. චීනය ජයග්‍රහණය කර ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 38කි. දෙවන ස්ථානයේ රැදී සිටින ජපානය රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ජයග්‍රහණය කර තිබේ. මෙවර ඔලිම්පික් උළෙලේ මේ වන විට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන ඇති රට වන්නේ ඇමෙරිකාවයි. පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ සිටින ඇමෙරිකාව ජයග්‍රහණය කර ඇති පදක්කම් ගණන 41කි. ඊට රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝක පදක්කම් 11ක් ඇතුළත් වේ.
 

More News..