brand logo

ඔලිම්පික් පදක්කමක් ගේන්න මට අත දෙන්න

18 August 2022

යුපුන් ක්‍රීඩා ඇමැතිගෙන් කළ ඉල්ලීම

  2024 වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නිසි සහය ලබාදෙන්නේනම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා දීමට එය මහගු පිටිවහලක් වන බව දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක යුපුන් අබේකෝන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත පවසා තිබේ. තමාගේ ප්‍රමුඛතම වගකීම රටට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සඳහා කටයුතු සැලසීම බැවින්, ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සියලු යුතුකම් හා වගකීම් ඉටු කිරීමට බැඳී සිටින බව එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා කියා ඇත. මෙහිදී යුපුන් සහ ඔහුගේ කණ්ඩායම විසින් මීටර් 100 ධාවන ඉසව්වේ කනිෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු පුහුණුකර ඔවුන් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කරදෙන ක්‍රීඩකයින් බවට පත් කිරීමේ වගකීමද භාරගෙන තිබිණි. යුපුන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු ඇතුළු පිරිස එක්වූහ. ගයාශාන් විතානආරච්චි
 

More News..