brand logo

ඔමික්‍රෝන් ලංකාවටත් ඇතුළුවෙයි

03 December 2021

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටට ඇතුළුවෙයි

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම පුද්ගලයා නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු බවයි.

ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බව​ට වාර්තා වෙයි. මෙම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ දකුණු අප්‍රිකාවෙනි. වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පැවසු අතර මේ වනවිට රටවල් 24කටද ව්‍යාප්ත වී තිබේ.
 

More News..