brand logo

ඔමානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 109ක ජයක්

08 December 2018

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ඉමර්ජින් කණ්ඩායම් කුසලානයේ ශ්‍රී ලංකාව තරග වැදුනු පළමු තරගය ජය ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ඔමාන් කණ්ඩායම පරාජයට පත් කරමින්. කණ්ඩායම් දෙක අතර මෙම තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 324ක් රැස්කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිත බෝයගොඩ ලකුණු 80ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 75ක්, ෂම්මු අෂාන් ලකුණු 57ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් ලබාගත්තා. අනතුරුව පිටියට පැමිණි ඔමාන් කණ්ඩායමට කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි. ඒ අනුව මෙම තරගය ලකුණු 109කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත් වුණා.
 

More News..