brand logo

ඔබට මෙවර ඡන්දය හිමිද? 23 වැනිදාට බලාගන්න

16 August 2019

මෙම වසරේ ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අයගේ නාම ලේඛනය (ඡන්ද හිමි නාම ලේඛනය) 23 වැනිදා සිට (සිකුරාදා) ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරේ. රට පුරා ඇති ග්‍රාමසේවා නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් කාර්යාලවල මෙම නාම ලේඛනය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර තිබෙන සහ ඉන් ඉවත් කර ඇති නම් පිළිබඳවද ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් වන අතර යමෙකුගේ නමක් එහි නොමැති නම් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්ද හිමි නාම ලේඛනය පිළිබඳ විරෝධතා ඇත්නම් එම විරෝධතාද මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය. අජිත් අලහකෝන්
 

More News..