brand logo

ඔපරේෂන් හෝම් කමින් නවතී

15 October 2020

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් දෙදහසක් රෝහල් පහසුකම් සහිත නැවකින් මෙරටට ගෙන විත් නිරෝධායනය කර භාරදීමට පෞද්ගලික සමාගමක් කළ යෝජනාවක් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රතික්ෂේප කර ඇත. ‘ඔපරේෂන් හෝම් කමින්’ නමින් වූ රෝහල් පහසුකම් ඇති නැවක් මගින් හම්බන්තොට වරායට මෙම පිරිස රැගෙන එන බවත් ව්‍යාපෘතිය වෙනුවෙන් මසකට රුපියල් කෝටි 38ක් (ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්) රජයෙන් ගෙවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 02 වැනිදා යොමුකළ යෝජනාවේ සඳහන්ය. මෙම ලිපිය ජනාධිපතිවරයා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇත. දෙදහසක පිරිසක් ගුවන් මගින් රැගෙන ඒමට වැයවන්නේ රුපියල් කෝටි දහඅටක පමණ මුදලක් බවත් රජයට රුපියල් කෝටි දහඅටක් වැඩිපුර ගෙවීමට මෙමගින් සිදුවන බවත්පෙන්වා දෙමින් ​කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායේ නැව නතර කර තැබෙන කාලය කොවිඩ් ආසාදිතයන් නැවේ වූ වෙනමම කාමරවල ප්‍රතිකාරවලට යොමු කිරීමට යෝජනා වී තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..