brand logo

ඔන්ලයින් සිගරට් ගන්න ගිහින් මුදලත් මිතුරාත් නැතිවේ

01 November 2020

කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිටින රෝගීන්ට දුම්වැටි අලෙවි කළ පුද්ගලයෙකු සොයා පොලීසිය සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබේ. ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගියෙකු විසින් මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙකු සමඟ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඒ දැන හැදුනුම්කම් මත දුම්වැටි ලබාගෙන ඇත. ඔහු යළිත් වරක් තවත් රෝගීන්ගෙන් මුදල් එකතු කර දුම්වැටි ලබා ගැනීමට අදාල තරුණයට මුදල් ලබා දී ඇත. එම තරුණයා මුදල් රැගෙන දුම්වැටි ලබානොදීම හේතුවෙන් මුදල් ලබාදුන් රෝගියා විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බලධාරීන්ට ඒ පිළිබදව දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන් ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර තරුණයා දුම්වැටි මිලදී ගත් බව කියන වෙළදසැල ද වසා දමා නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, තරුණයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත.
 

More News..