brand logo

ඔන්ලයින් ණය මගඩියට අහුවෙන්න එපා!

01 June 2021

සමාජ ජාලා හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන් කිහිපයක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ලංකා බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත. එමගින් ජනතාවට දන්වා ඇත්තේ ෆේස්බුක්, මැසෙන්ර් හා වට්ස්ඇප් ආදී සමාජ ජාලා හරහා මූල්‍ය වංචා කිහිපයක් පිළිබදව මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවයි. ඉක්මන් ණය පහසුකම් සැපයීමේ මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීම මෙමගින් සිදුවන බවත් ඒ් සඳහා පූර්ණ වශයෙන්ම දායක වන්නේ ගනුදෙනුකරුවා විසින් වංචනිකයන් වෙත ලබා දෙන තම ගිණුම් තොරතුරු බවත් එහි සදහන් වේ. මේ සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් පළකර තිබෙන නිවේදනය පහතින්
 

More News..