brand logo

ඔන්ලයින් උද්ඝෝෂණයක්

15 June 2021

දෙවන භාෂා පුහුණු ගුරුවරු හෙට උදෑසන 9.00 ට ඔන්ලයින් ක්‍රමයට උද්ඝෝෂණයක් පවත්වනු ලබයි. දෙවන බස පුහුණු ගුරුවරු හෙට (16 වැනිදා) මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇතැයි දෙවන භාෂා පුහුණු ගුරු සංගමයේ සභාපති එම්. යූ.එම් ෆායිස් පවසයි. සභාපතිවරයා තවදුරටත් මෙසේද පැවසීය, " 2019 ගැසට් පත්‍රයකට අනුව ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය යටතේ ජාතික භාෂා අධ්‍යාපනය සහ පුහුණු ආයතනය මගින් පැවැත්වූ පුහුණු පාඨමාලාවකට සහභාගි වුණා. ජනාධිපතිවරණ සමයේ එම පුහුණුව ලැබූ අප වෙත නිවාඩුවක් ලබා දුන්නා. පසුව එම පුහුණුව සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබුවා. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් විමසීම් කරනු ලැබුවත් සාධාරණ උත්තර ලැබුණේ නැහැ. ඉන් පසු මේ පිළිබඳව උද්ඝෝෂණ වාර දෙකක් පැවැත්වූ අතර නමුත් එයිනුත් අපට කිසිදු සාධාරණයක් ලැබුණේ නැහැ. 2020 පෙබරවාරි මාසයේදී පමණ අපව දැනුවත් කළා මෙම පුහුණුව නැවත ආරම්භ කරන බවත් ලිපි මගින් ඒ බව දන්වනු ලබනු ඇතැයි පැවසුවා. නමුත් ඒ පිළිබඳව එදා සිට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් වගකිව යුතු ආයතනයෙන් අපට ලැබුණේ නැහැ. "  " මෙම පුහුණු පාඨමාලාව සඳහා 1300 සහභාගි වුණා. මේ සියලුදෙනා පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය රැකියාවේ නියුතුව සිට ඒවා අතහැර පැමිණි අයයි. මේ වන විට වසර 2 පමණ වනවා කිසිදු වගකිවයුත්තෙක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ හේතුවෙන් අපට ඉදිරියේදී කුමක්ද සිදුවන්නේ කියා දන්නේ නැහැ.  අනාගතයේදී රැකියාවක් නැතුව අපව මහපාරට වැටිලා. " මේ සඳහා විසඳුමක් ඉල්ලා දෙවන බස පුහුණු ගුරුවරු හෙට (16 වැනිදා) උදෑසන 9.00 ට මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා යැයි හෙතෙම පැවසීය. දර්ශාන් කානිල් මොරටුව
 

More News..