brand logo

ඒ පැත්තට මේ පැත්තට පනින්නැතුව ඔයා ඉන්න තැනම හිටියොත් හොඳයි

14 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් ගිවිසුමක් ලබන සතියේ සඳුදා දිනයේදී එළඹෙන්නට නියමිතව ඇත. එය අත්සන් තැබෙන්නේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ය. මැතිවරණයකට පෙර අනිවාර්යයයෙන් ම අපේක්ෂා කරන පිල්මාරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට, පසුගිය සතියේ සිදුවන්නට ගිය ‘දැවැන්තයෙකුගේ’ රිටි පැනීමක් ‘අනූනවයෙන්’ වැළකුණු බව දැනගන්නට ලැබිණි. ඒ පසුව සජිත් පිලට එකතු වුණු එ.ජා.ප.යට සම්බන්ධ දැවැන්තයෙකි. පසුගියදා සිය වෛද්‍ය බිරිඳ සමග විජේරාමේ මහින්ද රාජපක්ෂගේ නිල නිවසට ගිය මොහු මහින්ද හමුවී තමන් ගෝඨාභයට සහාය දීමට කැමැති බව පැවසුවේ ය. කෙසේවෙතත් එහිදී මහින්ද මෙසේ පවසා තිබුණි. ‘‘මේ වෙලාවෙ ඒ පැත්තට මේ පැත්තට පනින්නැතුව ඔයා ඉන්න තැනම හිටියොත් හොඳයි...’’
 

More News..