brand logo

ඒ.ටී.එම් කාඩ් පතකින් වංචනිකව මුදල් ගත්තකු සොයා පොලිස් පරීක්ෂණ

11 June 2021

ඒ.ටී.එම් කාඩ් පතක් සොරාගෙන වංචනිකව මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ සැකකරු විසින් සොරාගත් කාඩ්පත භාවිත කර මුදල් ලබාගන්නා ආකාරය CCTV කැමරාවෙහි සටහන්ව තිබී ඇත. එබැවින් ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳ තොරතුරක් ඇත්නම් පහත දී තිබෙන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය සඳහන් කරයි. මහරගම - ස්ථානාධිපති 071 891 16 45
 

More News..