brand logo

ඒඩ්ස් පැටව් ගස්සන ගෲප් සෙක්ස්

29 October 2022

ඒඩ්ස් ආසාදනයන්ට ප්‍රධානම හේතුව ගැන අනාවරණයක්

පසුගිය අවුරුදු හතළිහක හතළිස් දෙකක කාලය තිස්සේ ලෝකයේ බොහෝ දේ නිදහසේ අපේ රටද ගලා ආවේය. ඇතැමුන් කියන්නේ එය ලංකාවේ ආර්ථිකය නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ කෙසේ වෙතත් මෙසේ රටට ආ බොහෝ දේ අතර හොඳ දේ මෙන්ම නොහොඳ දේ ද විය. ගතයුතු දේ මෙන්ම නොගත යුතු දේද විය. අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ ද විය. එච්.අයි.වී. නොහොත් ඒඩ්ස් යන වචනය මුලින්ම අසන්නට ලැබුණේ ද මේ කාලසීමාවේදීමය. නැතිනම් මීට වසර තිස් හතරකට පමණ ඉහතදීය. ලිංගික කටයුතු ඇසුරින් වැලඳෙන එච්.අයි.වී. ඒඩ්ස් වචනය පවා ඒ කාලයේ ඇති කළේ භීතියකි. හේතුව මෙම වයිරසය ශරීරගත වෙන්නා අනිවාර්‌යෙන්ම මිය යන බව ඒ කාලයේ තිබූ මතයයි. එසේම එකල ඒඩ්ස් රෝගියකු යනු රෝගියා පමණක් නොව ඔහුගේ හත්මුතු පරම්පරාවම පිළිකුලට භාජනය කරන්නක් විය. එහෙත් ඒඩ්ස්වල බිය නැති කළ අවස්ථාවක්ද විය. HIV/AIDS and Infections | Opportunistic Infection | MedlinePlus 1990 ගණන්වල මේ රටේ සුප්‍රකටව සිටි ළමා රෝග වෛද්‍යවරියක් වූ කාමලිකා අබේරත්නට එච්.අයි.වී. ආසාදනය විය. ඇය ආසාදනය වී තිබුණේ රිය අනතුරකින් පසුව ඇයට ලබාදුන් රුධිරයේ එච්.අයි.වී. වයිරසය තිබූ නිසාය. ඒඩ්ස්වලට බියක් තිබූ ඒ කාලයේ ජනප්‍රිය සිනමා නිලි ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රසිද්ධියේ ​වෛද්‍ය කාමලිකා බදා වැලඳගෙන පෙන්වමින් ඒඩ්ස් රෝගීන් දකින්නටවත් හොඳ නැතැයි රටේ තිබූ මිත්‍යාමතය බිඳ දැමුවාය. ඒ අයුරින් පසුගිය වසර තිහක කාලය තිස්සේ මේ රටින් වාර්තා වූ එච්.අයි.වී. ඒඩ්ස් ආසාධිතයන් ගණන 4686ක් වූ අතර ඉන් මිය ගිය ගණන 1455කි. ඒත් මේ සියල්ල අතරේ ඇඟ හිරිවැටෙන කතාව ඇසුනේ පසුගිය සතියේදීය. පසුගිය සතියේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණේ ලංකාවේ වයස අවුරුදු 18-30 අතර තරුණ ප්‍රජාව ඉතා වේගයෙන් එච්.අයි.වී. ඒඩ්ස්වලට ගොදුරු වෙන බවයි. එසේම ඒ අය අතර විශ්වවිද්‍යාල සිසුන් දහසයක්ද වයස අවුරුදු 16-18 අතර පාසල් දරුවන් තිදෙනකු ද සිටින බවයි. මේ සියලු දෙනාම පිරිමි ළමුන් වීමද විශේෂයි. 2021 පළමුවැනි සහ දෙවැනි කාර්තුවේ දී (ජනවාරි සිට ජුනි මාසය තෙක්) අවු. 18-30 අතර එච්.අයි.වී. ආසාදිතයන් ගණනින් 55කි. 2022 එම කාල පරතරය තුළ ගණන 90ක් වී තිබුණි. ඊට අමතරව 2022 තුන්වැනි කාර්තුව අවසන් වීමටත් පෙර නව ආසාදිතයන් 58 දෙනකු ද දැන් එකතු වී තිබේ. එවිට 2022 තුන්වැනි කාර්තුව අවසන් වීමටත් ප්‍රථම එච්.අයි.වී. ආසාදිතයන් ගණන එකසිය හතළිස් අටකි. මෙය ඉතා සීඝ්‍ර වැඩිවීමක් බව පැවසුවේ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චිය. සංඛ්‍යාලේඛන අනුව එච්.අයි.වී. නව ආසාදන ප්‍රවණතාවය වැඩිම කොළඹ සහ ගම්පහ ප්‍රදේශ තුළය. මේ ආසාදනයන්ට හේතු වූ ප්‍රධානම කාරණාවන් සොයා බලද්දී අනාවරණය වී ඇත්තේ කණ්ඩායම් ආකාරයට ලිංගිකව හැසිරීම (Group sex) යන හේතුව ප්‍රධාන වී ඇති බවය.

‘‘හඳුනාගත් තරුණ එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් කරුණු කාරණා විමසද්දී බොහෝ දෙනෙක් ‘පාටිවලට ගිහින් Group sex කළා’ යැයි සඳහන් කරන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී පවසන්නීය.

Florida Nightlife Going Wild Amid Delta Surge, College Students Partying ඇය පවසන පරිදි අද වන විට වැඩිම එච්.අයි.වී. ආසාදනය වීමේ අවදානමට නතුව ඇත්තේද මේ කාණ්ඩයයි. ඔවුන් අතරින් ‘බයි සෙක්ෂුවල්’ හෙවත් ද්වි ලිංගික ආකාරයට පත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හේතුවෙන් වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙයි. පසුගිය වසරවලදී මේ තැන ගත්තේ සමලිංගික සම්බන්ධතා පැවැත් වූ කාණ්ඩයයි. වර්ෂ 1987 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී වාර්තා වූ ලංකාවේ ප්‍රථම එච්.අයි.වී. ආසාදිත පුද්ගලයාත් එවැනි සමලිංගික සේවනය කළ අයෙකි. ඔහු බැංකොක් නුවර Homo sexual club හි මාස ගණනාවක් ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට එච්.අයි.වී. ඒඩ්ස් තත්ත්වය ආසාදනය වී තිබුණි.

‘‘දැන් මේ කසාද බැඳපු පිරිමි තවත් පිරිමි අය සමග සමලිංගික සම්බන්ධතා පවත්වනවා. ඊට පස්සේ ඒ අය ගිහිං ගෙවල්වල ඉන්න ඒ අයගේ බිරින්දෑවරු එක්කත් ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඒ සමලිංගිකයා එච්.අයි.වී. ආසාදිතයෙක් නම් අනේ අර ගෙවල්වල ඉන්න බිරින්දෑවරුත් නිකම්ම එච්.අයි.වී. ගොදුරු බවට පත්වෙලා නේද?’’ යැයි වෛද්‍ය රසාංජලී කියන ආකාරයට මේ කාරණයේ බරපතළ ස්වභාවය අවබෝධ වේ.

Romantic couple bed Stock Photos - Page 1 : Masterfile පුද්ගලයාගේ ලිංගිකත්වය යන කාරණය පිළිබඳව ස්වාධීන අයිතිය ඒ පුද්ගලයා සතුය. ඒ පිළිබඳව වාදයක් නැත. එම පුද්ගලයාගේ ලිංගික කටයුතු කිරීම පිළිබඳවද ස්වාධීන අයිතියක් ඔහු සතුය. නමුත් ඒ කවර ආකාරයකට කළා වුවද වගකීමෙන් යුතු ලිංගික හැසිරීමේ වැදගත්කම අවබෝධ කොට ගත යුතුය. එසේ නොමැතිව පෙරහර අවසන්ව ගියාට පසුව කස පිපිරීමෙන් කිසිවකුට හෝ පලක් නම් නැත. මේ කණ්ඩායම් එකතු වී කරනා ලිංගික කටයුතු සඳහා බොහෝ විට සම්බන්ධීකරණ මාධ්‍ය බවට අද පත්වන්නේ සමාජ මාධ්‍ය ජාලාය.

‘‘ස්මාර්ට් ජංගම දුරකතනයේ විවිධ යෙදවුම් හරහා මේ අය කණ්ඩායම් ආකාරයට එකතු වෙනවා. ඒ හමුවීම් අන්තිමට කෙළවර වෙන්නේ කණ්ඩායම් ලිංගික ක්‍රියාකාරකම් එක්කයි.’’

ඒ කාරණය එක් පසෙක තිබියදී පාලනයකින් තොරව දවසින් දවස වැඩිවන සම්භාහන මධ්‍යස්ථාන යැයි කියාගන්නා අවිධිමත් ස්පා කඩ හේතුවෙන් ද තරුණ ප්‍රජාව අතරට එච්.අයි.වී. ආසාදනය වීම සීඝ්‍රයෙන් සිදුවන බව පෙනී ගිය කරුණකි. ලිංගාශ්‍රිත ඉන්නන්, ලිංගික හර්පීස් වැනි අනෙකුත් ලිංග්‍රාශ්‍රිත රෝග මෙන් නොව එච්.අයි.වී. ආසාදිතයකුගේ බරපතළම කාරණය වන්නේ මුලදී ආසාදනය පිළිබඳව කිසිදු හෝඩුවාවක්, ලක්ෂණයක් ශරීරයෙන් බාහිරයට පෙන්නුම් නොකිරීමයි. එනම් මූණ බලා සාස්තර කියනවා වාගේ කිසිවකුටවත් මූණ බලා එච්.අයි.වී. ඇත්දැයි කීමට නම් බැරිය. අනාරක්ෂිතව සිදු කරන ලද ලිංගික හැසිරීමක් හේතුවෙන් එච්.අයි.වී. වයිරසය ආසාදනය වූවකු එසේ වී දැයි අවධානමක් නොගෙන දීර්ග කාලයක් ගතවීගියහොත් එච්.අයි.වී. වයිරසය ඒඩ්ස් තත්ත්වය බවට පෙරළයි. එවිට රෝගියා ඉන්නේ බරපතළ අඩියකය. ඒ වන විට එච්.අයි.වී. වයිරසය විසින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මුළුමනින්ම හානිකොට අවසන්ය.

‘‘අවසානයට නියුමෝනියාව, වගේම නොයෙකුත් පිළිකා තත්ත්වවලට රෝගියා ගොදුරු වීමෙන් තමයි මරණයට පත්වෙන්නේ.’’

The Lazarus phenomenon: When the 'dead' come back to life වෛද්‍ය රසාංජලී කියන්නේ සත්තුන්ට වඩා දියුණු සංස්කෘතික ජීවියෙක් වන මිනිසා තමන්ගේ ලිංගික ක්‍රියාවලිය මීට වඩා වගකීම් සහගත බවකින් පවත්වා ගත යුතු බවය. අනාරක්ෂිතව එක් ක්ෂණියකින් ලබන අසීමාන්තික තෘප්තිය මුළු ජීවිත කාලයක් පුරා වේදනාවෙන් පිරි මතකයක් වීමට වැඩි වෙලාවක් ගත නොවේ. නමුත් එච්.අයි.වී. ආසාදනය වූ බව කල්තියා හඳුනා ගත් අයෙකු මරණය පිළිබඳ බිය විය යුතු නැත. රජයේ රෝහල්වලින් ඊට ප්‍රතිකාර නොමිලයේම සිදුකර ගත හැකිය.

‘‘දැන් දියවැඩියාව හැදුනු මිනිස්සු දිගටම බෙහෙත් අරගෙන ජීවත් වෙන්නේ. මේකත් ඒ වගේ කල්තියා හඳුනාගෙන අඛණ්ඩව ප්‍රතිකාර අනුගමනය කරගත්තොත් වයිරසය පාලනය කර ගන්න පුළුවන්.’’

නිවැරදි ප්‍රතිකාර රටාව අනුගමනය කළහොත් එච්.අයි.වී. වයිරසයෙන් ප්‍රතිශක්තියට හානිවීම වළක්වාගත හැකි බවත් වෛද්‍ය රසාංජලී සඳහන් කළාය. එසේ හොඳින්ම මර්දනය වූ එච්.අයි.වී ආසාදිතයින්ට පසු කාලීනව ඒ තත්ත්වය යටතේ වුවත් නිරෝගීව දරුවකු වුවත් බිහි කිරීමේ අවස්ථාව තිබෙයි. එසේ සිදු කළ අයද සිටිති. ඒ නිසා කිසිවකුත් එච්.අයි.වී ආසාදිතයන් කෙරෙහි භීතියකින් බැලීමට හෝ තමන් එච්.අයි.වී ආසාදිත බව දැනගත් පසු බියට පත්වීමට හෝ අවශ්‍ය නොවේ. ලංකාව පුරා ඇති රෝහල් 42කින් මේ සම්බන්ධව ලිංගික සෞඛ්‍ය සායන පැවැත්වේ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් උසස් සේවක පිරිසගෙන් යුතුව රජය විසින් සම්පූර්ණයෙන් නොමිලයේ සැලසෙන සේවාවකි.

‘‘යම්කිසි කෙනෙක්ට තමන්ගේ අවධිමත්, අනාරක්ෂිත ලිංගික කටයුත්තක් ගැන හිතේ සැකයක් ඇත්නම් කිසි බයක් සැකයක් නැතුව මේ සෞඛ්‍ය සායන වෙත ඇවිල්ලා නොමිලයේ සම්පූර්ණ පරීක්ෂාවක් කර ගත හැකියි.’’ එසේම රහස්‍ය බවද සම්පූර්ණයෙන්ම තහවුරු කරයි.

โรคเอดส์ (AIDS) - สาเหตุ อาการ และการรักษาโรค | Raksa පරීක්ෂණයක් කී පමණින් කිසිවකුත් ඊට බිය විය යුතු නැත්තේ දැන් ඇඟිල්ලෙන් ලබා ගන්නා කුඩා ලේ බිඳුවකින් එම පරීක්ෂණය කළ හැකි තරමට තාක්ෂණය දියුණු නිසාය. දශක කිහිපයකට ඉහත කොළඹ ජාතික රෝහලේ 33 කාමරය කී විට කවුරුත් දැන සිටි ලිංගික සෞඛ්‍ය සායනය සොයාගෙන දැන් කොළඹට එන්නටද උවමනා නැත. කළුබෝවිල, අවිස්සාවේල්ල, රාගම, ගම්පහ, කුරුණෑගල ආදී සෑම දිස්ත්‍රික්කයක්ම සම්බන්ධ වන ආකාරයට රෝහල් 42කින් ඉහත සායනවලට සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇත්තේය. රජය විසින් නොමිලයේ ප්‍රතිකාර කරනවා යැයි කී විට ඉන් අදහස් කරන්නේ එච්.අයි.වී ආසාදනය වුණාට කමක් නෑ කියන්නා වැනි දෙයක් නම් නොවන බවත් තරයේ සිහි තබාගත යුතුයි. ඊට හේතුව මේ ​​ඖෂධ වෙනුවෙන් රජය විසින් දරනා බරපැන අධික වීමය. මේ වන විට රජය එච්.අයි.වී ආසාදිතයන් 2350කට නොමිලයේ ප්‍රතිකාර කරන්නේය.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකම් බෙහෙත් දෙනවනේ කියලා මේ කාරණය සුළුවට තකන්න එපා කියලත් මතක් කළ යුතුයි.’’ යැයි වෛද්‍ය රසාංජලී පැවසූ අන්දමට දිනෙන් දින එච්.අයි.වී ආසාදිතයන් වැඩිවුවහොත් රජය විසින් නොමිලයේ ලබාදෙන ඖෂධ සීමා කරන්නට සිදුවනු ඇත.

ඒ නිසා කවුරු කවුරු නමුත් ලැජ්ජාව පසෙක තබා එච්.අයි.වී/ඒඩ්ස් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විවෘත මනසකින් තතු විත්ති දැන ගැනීම තවත් කෙනකුට අවබෝධ කරදීම මෙය වැලඳීම වළකා ගැනීමට මහඟු පිටිබලයකි. දියුණු යැයි කියනා රටවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ ඔවුන් කුඩා කල සිටමය.එවිට ඒ පිළිබඳව කුතුහලයෙන් හෝ අමුතු දෙයක් ලෙස ඔවුන් ඒවා හොරෙන් කර බැලීමට යන්නේ නැත. මේ කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් www.know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙයි. ඩිජිටල් තාක්ෂණයට සමීප තරුණ ප්‍රජාව ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කිරීම සහ තමන් ඒවාට ගොදුරු වී ඇත්දැයි සැක හැර දැනගැනීමට වඩා පහසු මෙන්ම රහස්‍යභාවය රැකෙන ක්‍රමවේදයක් මෙහි ඉදිරිපත් කරයි. ඕනෑම අයකුට වෙබ් අඩවිය වෙත ගොස් තමන්ට එච්.අයි.වී ආසාදන අවදානමක් ඇත්දැයි ස්වයං පරීක්ෂණයක් කරගැනීමට ඉන් අවස්ථාව සලසා දී තිබෙයි. එම වෙබ් අඩවිය මගින් නොමිලයේ ගෙන්වා ගත හැකි එච්.අයි.වී selftest කරගැනීමේ කට්ටලය මගින් ඉතා සරලව නිවසේ සිටම තමන්ට එච්.අයි.වී ආසාදිත තත්ත්වයක් අත්දැයි පරික්ෂා බැලීමටද හැකිය. නව තාක්ෂණය හා බද්ද වී එච්.අයි.වී / ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝගයන් පිළිබඳව පරික්ෂා කර ගැනීමේ පහසුකම එසේ සැලසී තිබුණද ඇතැම් වෛද්‍ය කණ්ඩායම් ඒඩ්ස් මරණ පිළිබඳව දැඩි අවධානයක් නොකිරීම හේතුවෙන් එකී මරණ පරීක්ෂණ කටයුතුවලට නියැළෙන නිලධාරීන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වන බව කීවේ කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියේ අතිරේක මරණ පරීක්ෂක ඉරේෂා සමරවීරය.

‘‘ඒඩ්ස් මරණයක් නම් Bed Ticket එකේ අනිවාර්‌යෙන්ම රතු පෑනෙන් ඒ බව සඳහන් කළ යුතුයි. එහෙම කළ යුතු බව කියන්නේ සියල්ලන්ගේම සෞඛ්‍යාරක්ෂිත බව සලකළයි. නමුත් එහෙම කිසිම සඳහනක් නොකර අපට මරණ පරීක්ෂණ කරන්න එන ඒඩ්ස් මරණ තියෙනවා. මේක මරණ පරීක්ෂණයේ යෙදෙන නිලධාරීන්ට ඉතා දැඩි අවධානමක්.’’

Medicolegal Death Investigators Career Spotlight | Duquesne University එසේ කී විට යළි සිහිවන්නේ වෛද්‍ය කාමලිකා අබේරත්නට අත් වූ මේ හා සමාන ඛේදනීය ඉරණම පිළිබඳවය. අනාරක්ෂිතව සිදු වූ රුධිර පාරවිලයනයක් හේතුවෙන් වෛද්‍ය කාමලිකා අබේරත්නට එච්.අයි.වී ආසාදිතයෙක් බවට පත්වන්නට සිදු වුණි. නමුත් අද වන විට නම් රුධිර පාරවිලයනයේ දී සියයට සියයක්ම එහි ආරක්ෂිත බව තහවුරු කරන බව වෛද්‍ය රසාංජලී කීවාය. කෙසේ නමුත් එවැනි ඛේදවාචකයන් නැවත සිදු නොවීමට සෞඛ්‍ය කාර්යාංශ වෙත දැඩි වගකීමක් ඇත්තේය. එලෙසම වටිනා මිනිස් ජීවිත එච්.අයි.වී වෙත ගොදුරු නොකිරීමට දැඩි වගකීමක් මුළු සමාජයටම තිබෙයි. ඇතැම් පුද්ගලයන් එච්.අයි.වී ආසාදිතයකුවීමෙන් මරණයට පත්වන තම ඥාතියාගේ මරණ සහතිකයේ මරණයට හේතුව ලෙස එච්.අයි.වී ආසාදිතයකු වීම යන්න සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටී. සමස්ත සමාජයක්ම දැඩි අවදානමකට ඇද දැමීමට තරම් තුඩු දී තිබෙයි. අතිරේක මරණ පරීක්ෂකවරියගේ අත්දැකීමක් ගැන සිහිකරමින් ඇය මේ පුවත සඳහන් කළාය.

‘‘එක මනුස්සයෙක්ට ඒඩ්ස් හැදිලා තිබුණා. එයා නිසා එයාගෙන් බිරිඳටත් ඒඩ්ස් හැදිලා. අන්තිමේ කොහොමහරි බිරිඳ මේ බව දැනගෙනත් තමන්ගේ මනුස්සයට තියෙන ගෞරවයට හානිවෙයි කියන බයට මේ බව රහසක්ව තියාගෙන. අවුරුදු 10කට විතර පස්සේ මේ සැමියා ඒඩ්ස් තත්ත්වය හේතුවෙන් මියගියාම සැමියාගේ ඥාතියෝ ටික පොලිසි යනවා මේ මරණය සැකයි මේ බිරිඳ තමයි සැමියාව මැරුවේ කියලා. අවසානයට පොලිසියට සිද්ධ වෙනවා මේකේ ඇත්ත තත්ත්වය සැමියගේ නෑදෑයන්ට කියන්න. ඒක අහලා එයාලගේ කටවල් සේරම වැහෙනවා.’’

එච්.අයි.වී ආසාදන තත්ත්වය අවසානයට සමාජ ඛේදවාචකයක් බවට පත්වන එබඳු අවස්ථා කොතෙකුත් තිබෙයි. පියාට ඒඩ්ස් තිබූ නිසා සුළඟෙන් ඒඩ්ස් බෝවන්නේ යැයි කියා කුලියාපිටිය ප්‍රදේශයේ දරුවෙක්ට පාසලේ ගේට්ටුව වැසූ විදුහල්පතිවරුද මෙරටෙහි සිටි බැව් අපට අමතක නැත. සැබැවින්ම එච්.අයි.වී ඒඩ්ස් යනු අවබෝධයෙන් වළක්වාගත යුත්තක් මිස ආසාදිතවූවෙකු කොන්කිරීමට හෝ රෝගයට බියවීමට තුඩුදෙන කාරණයක් නොවිය යුතුය. ආසාදිතයකු නම් නිවැරැදිව ප්‍රතිකාර ගත යුතුය. ආසාදිතයකු නොවීමට සෙස්සෝ අවදානමක් ගත යුතුය. අනුපමා ගල්කඩවල
 

More News..