brand logo

Update : ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මහනුවරදී

08 March 2019

‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මේ වන විට මහනුවර පොදු වෙළෙඳ සල ඉදිරිපිටදී පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙනි. මෙම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ එක්ව සිටිනවා. update time - 6.35pm --------------------------------------------------------------------------------------------------------------------------------------

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියක් අද මහනුවරදී

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර දී ජන රැළියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය අද පස්වරු 3.00ට මහනුවර පොදු වෙළඳ සැල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සදහන් කළේ කරුණු පහක් පදනම් කර ගනිමින් මෙම ජනරැළිය පවත්වන බවයි. මැතිවරණය කල්දැමීම, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි. මෙම ජන රැළියට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් ද සහභාගි වීමට නියමිතව තිබෙනවා.   ඡායාරූප - ඉන්දික හඳුවල
 

More News..