brand logo

ඒකාබද්ධ බැංකු සංස්ථා සේවකයන්ට විශ්‍රාම වැටුපක් ඕන

07 January 2021

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකු ත්‍රිත්වයක් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත නව බැංකු සංස්ථාව ක්‍රියාත්මක කිරීමේදී එහි සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමිවිය යුතු බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන පවසයි. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) නමින් නව ආයතනයක් ස්ථාපනය කරන බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පසුගියදා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එම බැංකු ත්‍රිත්වයේම මේ වනවිට කිසිදු තාක්ෂණික පද්ධතියක් නිසියාකාරව නොමැති බැවින්, නව බැංකුව පිහිටුවීමේ පළමු අදියරෙන්ම ජාත්‍යන්තරයට ගැළපෙන තාක්ෂණික පද්ධතියක් අවශ්‍ය යැයිද එම සංගමයෙන් රජයට යෝජනා කෙරේ. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සියයට හතළිස් නවයක් පෞද්ගලික අංශයට අයත් වේ. එම නිසා පිිහිටුවීමට යෝජිත නව බැංකුව සම්පූර්ණයෙන්ම රජය සතු විය යුතු බවද උප සභාපතිවරයා අවධාරණය කරයි. එම නිසා මෙම යෝජනාවලට එකඟ වන්නේ නම් තම සංගමයේ කිසිදු විරෝධතාවක් නොමැති බවත්, මෙම සියලු කාරණා සාකච්ඡා මට්ටමින් අවසන් විය යුතු බවත් උප සභාපතිවරයා සඳහන් කරයි. චාමර පල්ලේගෙදර
 

More News..