brand logo

ඒකල ගුවන්හමුදා කඳවුර අසල මාරක රියඅනතුරක්

31 January 2021

    ජාඇල පොලිස් වසමේ ඒකල ගුවන්හමුදා කඳවුර අසලදී සිදුවූ රියඅනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අද (31) උදෑසන 6.45ට පමණ එම අනතුර සිදුව ඇති බවය. අනතුර සිදුව ඇත්තේ ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙනි. බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අවුරදු 49, 47 සහ 69 යන වයස්වල බව පැවසේ. ජාඇල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

More News..