brand logo

එ.ජා.ප.යේ කුරුණෑගල රැළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගැටළුවක්

29 August 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්කිරීමේ අරමුණින් තවත් රැළියක් සංවිධානය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා විය. ඒ කුරුණෑගල ප්‍රදේශයේදීය. ලබන සැප්තැම්බර් මස 05 වැනිදා මෙම රැළිය පැවැත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා විය. මෙය සංවිධානය කර තිබෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසිනි. කෙසේ වෙතත් ඊට සහභාගි වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යම්කිසි පැකිලිමකින් සිටින බවට ද තොරතුරු වාර්තා විය.
 

More News..