brand logo

එ.ජා.ප නායකයකත්ව අර්බුධයක - පා.ම විජිත හේරත් මහතා පවසයි

05 February 2020

ගෝඨාභය ජනපති, සජිත් අගමැති කියලා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කියනවා නම් ඉතුරුවෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ටිකත් එක්සත් ජාතික පක්ෂයට නැතිවෙලා යන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා(03) මීරිගම මල්ලැහැව ප්‍රදේශයේ පැවති උත්සවයක දී පවසයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. දැනට විකාශනය වූ හඬ පට වලින් මේ රටේ ජනතාවට ඔප්පු වෙච්ච දේ තමයි මේ තියෙන සමාජ ක්‍රමයම කුනු වෙලා පිරිහෙලා කියන එක. වෝහාරික විගණන වාර්ථාවේ 2002 ඉදලා 2015 දක්වා මහ බැංකුවේ සිදුවෙච්ච අක්‍රමිකතා , අයථා ගනුදෙනු හෙළිදරව් වීමක් වෙලා තියෙනවා. එතනදී රනිල් වික්‍රමසිංහ - මෛත්‍රී ආණ්ඩුව විතරක් නොවෙයි ඊට පෙර පැවති රාජපක්ෂ පාලනයත් ඉතා බරපතළ ලෙස මහ බැංකුවේ මුදල් වංචා කලා කියන එක ඔප්පු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට අද පක්ෂ අභ්‍යන්තරයේ මුහුණ දීලා තියෙන අර්බුදය අනුව අපේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වෙන්න ක්‍රමයක් නෑ. ඔවුන් අද මුහුණ දීලා තියෙන්නේ නායකත්ව අර්බුදයකට. නායකයා තොරාගන්න බැරි අර්බුදයක පැටලිලා ඉන්න එක්සත් ජාතික පක්ෂය ඒ නිසාම බිම් මට්ටමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් කළකිරීමට පත්වෙලා තියෙනවා. ඉතා පැහැදිලිව මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව තුල ශක්තිමත් හඩක් , ප්‍රබල විපක්ෂයක් උවමනාවෙන් ඉන්නවා. ඒ විපක්ෂයේ ප්‍රබල හඩ නැගීමේ උවමනාව තියෙන්නේ ජාතික ජන බල වේගයට හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු සියලුම ප්‍රගතිශිලී බලවේගයන්ට. ඒ නිසා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුල ප්‍රබල ශක්තිමත් විපක්ෂයක භූමිකාව අත්පත් කරගන්නවා. ජනතාව ඒ සඳහා අපිට අවස්ථාව දෙනවා කියන එක අපිට විශ්වාසයි.   මනෝජ් එදිරිසිංහ
 

More News..