brand logo

එ.ජා.ප. නායකත්ව හුටපටය විසඳන්න කබීර් සහ මද්දුමබණ්ඩාර රනිල් මුණගැසෙයි

23 December 2019

තවදුරටත් දිග්ගැස්සෙන එ.ජා.ප. පක්ෂ නායකත්වය සඳහා වන අර්බුදය විසඳීමට නායකයා නම් කරන කමිටුව අසමත් වීමත් සමග රනිල් පාර්ශ්වයේ එ.ජා.ප. නායකයින් ඒ සඳහා තවදුරටත් කල් ගනිමින් සිටින බව පෙනේ. කෙසේවෙතත්, මහ මැතිවරණය ද ක්‍රම ක්‍රමයෙන් ලං වෙමින් පවතින නිසා එම අර්බුදය ඉක්මනින්ම විසඳාගත යුතු බව අවධාරණය කරන සජිත් පිල ද සටන අත්හැර ඇති බවක් නොපෙනේ. මෙවැනි නැවතත් මෙම අර්බුදය නිරාකරණය සඳහා ඉදිරියට තල්ලු වී තිබෙන්නේ කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාරය. ඒ අනුව මොවුන් දෙදෙනා ඉදිරි සතියේදී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මුණගැසෙන්නට නියමිතව ඇති අතර එහිදී පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීම සඳහා රනිල්ට නැවත වතාවක් යෝජනාකිරීම සිදුවනු ඇත.
 

More News..