brand logo

එළුවෙක් නිසා සිදුවූ මිනිස් ඝාතනය

07 February 2021

  බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ පුද්ගලයකු පිහියකින් කපා කොටා ඝාතනය කර ඇති බව ඇටම්පිටිය පොලිසිය සඳහන් කර ඇත. මරණකරුගේ එළු ගාලේ සිටි එළවන් දෙදෙනෙකු සැකකරුගේ මිතුරෙකුට අයත් සුනඛයෙක් විසින් හපා කෑම නිසා ඇතිවූ බහින් බස් වීමක් මෙම ඝාතනය සිදුවීමට හේතු වී තිබෙන බව පැවසෙනවා. මරණයට පත්ව ඇත්තේ සාමි ජෙයරාම් නමැති 58 හැවිරිදි අයෙකි. එම වත්තේම පදිංචි 35 හැවිරිදි සැකකරු අද (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය පරික්ෂණ මෙහෙයවනු ලබනවා.
 

More News..