brand logo

එළැඹෙන අගෝස්තුවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරැඹේ

08 July 2020

එළඹෙන අගෝස්තු මාසයේදී රටේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘‘අරුණට’’ පැවසීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ සිදු වූ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් සියල්ල මාස 03කට වඩා වැඩි කාලයක් අත්හිටුවා තිබූ අතර එම ගුවන් ගමන් සියල්ල ලබන මාසයේ මුල සතියේ සිට යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බව සභාපතිවරයා පැවසීය. අශිකා ජයවීර
 

More News..