brand logo

එළවළු හිඟය නිසා අට දහසකගේ රැකියා අහිමිවීමේ අවදානමක්

25 December 2019

එළවළු හිඟය නිසා රට පුරා පවත්වාගෙන යන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළෙඳුන් ඇතුළු අට දාහසකගේ පමණ රැකියා අහිමි වී යාමේ අවධානමට මුහුණපා සිටින බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පවසයි. දඹුල්ල, මීගොඩ, වේයන්ගොඩ, කටුගස්තොට, නුවරඑළිය, මැනිං, වැලිසර, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, ඇඹිලිපිටිය ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල මෙසේ රැකියා අහිමිව යාමේ අවදානමට මුහුණපා සිටිති. තොග වෙළෙඳුන්, කම්කරුවන්, ලොරි රථ හිමියන්, රියැදුරන්, අතරමැදි වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එදිනෙදා රැකියාවල නියුතු වූවන් මෙම ගැටලුවට මුහුණපා සිටිති. එළවළු තොග සැපයුම සියයට 90ක් පහළ ගොස් තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පෙරේදා (23 වැනිදා) ‘අරුණ’ට පැවසීය. එළවළු තොග මිලදී ගන්නා වෙළෙඳුන් නො පැමිණීමෙන් එළවළු මිල සියයට 50න් පහළ ගිය බව ඔහු පැවසීය. පෙරේදා දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හයක් පමණ ලැබුණ බව පැවසීය. වට්ටක්කා කිලෝ ලක්ෂ දෙකක් පෙරේදා වෙළෙඳපොළට ලැබුණ බවද පැවැසීය. පසුගිය මාසයේ මුල් සතියේදී දිනකට කිලෝ ලක්ෂ 35ක් ලැබුණ බව ඔහු පැවසීය. පවතින වැසි නිසා දිවයින පුරා සති පොළ පවත්වාගෙන යාමට නොහැකි වීම ප්‍රධාන නගර උප නගරවල සිල්ලර එළවළු වෙළෙඳාමට වැසි හරස්වීම තෙත බරිත සහ මඩ සහිත එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් දක්වන අකමැත්ත එළවළු මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම ලැබෙන එළවළු අලෙවියට තිබෙන බාධාවන් බව සභාපතිවරයා පැවසීය. පවතින එළවළු හිඟය මාස එකහමාරකින් පමණ අවසන් වනු ඇති බවත් වැසි පහව ගිය පසුව සිදුවන එළවළු අස්වනු ලැබෙන තෙක් හිඟ පවතිනු ඇති බව හෙතෙම පැවසීය. සුනිල් රූපසිංහ - පල්ලේපොළ
 

More News..