brand logo

එළවළු හා පලතුරු අපතේ යාමෙන් කෝටි 2000ක පාඩුවක්

09 April 2021

වර්ෂයකට එළවලු හා පලතුරු මෙට්‍රික්ටොන් 270,000ක් පමණ අපතේ යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන බව හෙළි වී ඇත. ජාතික විගණන කාර්යාලය 2015 දී කළ විගණනයකට අනුව ලංකාවේ එළවලු හා පලතුරුවල අස්වනු හානිය 30-40 % ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත. ලංකාවේ වැඩිහිටියන්ගෙන් 73%ක් පමණ ප්‍රමාණවත් පරිදි එළවළු සහ පලතුරු පරිභෝජනය නොකරන අතර වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම 21%ක් බව අනාවරණය වී තිබේ. ලාංකිකයන්ගේ ආහාර ඉල්ලුම සපුරාලීමට දිවයින ම ආවරණය වන පරිදි සකස් කරන ලද පුළුල් වගා සැලැස්මක් නොමැති වීම හේතුවෙන් ගොවීන් ඔවුන්ගේ රුචිකත්වය පරිදි වගා කටයුතු වල නියැළීම නිසා ඇතැම් බෝග වල අතිරික්ත අස්වැන්නක් ඇති වීමෙන් අස්වනු හානියට හේතුවක් වී ඇති බව කෝපා කමිටු සාමාජිකයින් ගේ අවධානයට යොමුව තිබේ. එමෙන් ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
 

More News..