brand logo

එළවළු මිල 50%කින් පහළට

19 August 2022

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් මෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල විශාල වශයෙන් පහත ගොස් ඇති බව ගොවීන් සහ වෙළෙන්දන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල පහළ ගිය ද, දිවයින පුරා ඇති අනෙකුත් වෙළෙඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි. ගොවීන් පෙන්වා දෙන්නේ රුපියල් 550 ත් 600 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 220- 300 ත් අතර මිලකට අලෙවි වන බවත් ලීක්ස් කිලෝවක් රුපියල් 100 අලෙවි වන බවයි. මාලුමිරිස් වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවක්ම විශාල වශයෙන් පැවැති මිලට වඩා 50% කින් අඩු මුදලකට අලෙවි වන බවද ඔවුන් පෙන්වා දෙන අතර එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කිරීම්ට සිදු වී තිබෙන බව ද ගොවීන් වැඩිදුරටත් සදහන් කරයි. දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ අද දහවල් පැවති එළවළු කිලෝවක තොග මිල (රු) ගෝවා 160 -180 බෝංචි 220 - 240 ලීක්ස් 100 - 130 කැරට් 220 - 280 බීට්රූට් 55 - 70 තක්කාලි 180 -200 රාබු 50 - 80 නෝකෝල් 120 -150 කැරට් 220 - 280 පිපිඤ්ඤා 50 -70 අර්තාපල් අල 130 -140 වැටකොළු 130 -150 බණ්ඩක්කා 40 - 70 පතෝල 160 -180 කරවිල 250 -280 වට්ටක්කා 120 - 130 වම්බටු 320 - 350 මෑ කරල් 90 - 120 දඹළ 160 -200 අමු මිරිස් 320 -350 මාළු මිරිස් 450 - 500 තක්කාලි 160 -220 ලොකු ලුනු 130 -140
 

More News..