brand logo

එල් බී ෆිනෑන්ස් වෙතින් මහරගම අපේක්ෂා රෝහලට ශ්වසන උපකරණ ප්‍රදානය කරයි

13 March 2021

බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛ පෙළේ මූල්‍ය සහ ලීසිං සමාගමක් වන එල් බී ෆිනෑන්ස් ආයතනයේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ශ්වසන උපකරණ (Ventilators) ප්‍රදානය කිරීමේ තවත් පියවරක් මහරගම අපේක්ෂා රෝහලේ දී සිදු විය. ශ්‍රී ලංකාවේ සමාජ වගකීම් සහිත ආයතනයක් ලෙස දශක 05 කට ආසන්න කාලයක් පුරා ජන සමාජයන් හි අභිවෘද්ධිය සඳහා එල් බී ෆිනෑන්ස් කැප වී කටයුතු කරයි. එල් බී ෆිනෑන්ස් ආයතනය වෙතින් උසස් තත්ත්වයේ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත හැමිල්ටන් C3 වර්ගයේ ශ්වසන උපකරණ මහනුවර ජාතික රෝහල වෙත මීට පෙර අවස්ථාවක දී ප්‍රදානය කළේ ය. රු. මිලියන 25 කට වැඩි වටිනාකමින් යුත් මෙම උපකරණ කට්ටලවල මීළඟ ප්‍රදානය ශ්වසන අපහසුතා ඇති රෝගීන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී සිදුවිය. පසුගියදා රෝහල් පරිශ්‍රයේ දී නිල වශයෙන් මෙම ප්‍රදානය සිදු වූ අතර, මෙම ශ්වසන උපකරණ එල් බී ෆිනෑන්ස් සහකාර සාමාන්‍ය අධිකාරී (මානව සම්පත්) ප්‍රසන්න කාලිංග, ජ්‍යෙෂ්ඨ ජාතික කළමනාකරු ශානක ඇලෙක්සැන්ඩර් සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක, ජ්‍යෙෂ්ඨ උපදේශිකා චාන්දනී සූරියආරච්චි සහ එහි නිලධාරී කාර්ය මණ්ඩලය වෙත ප්‍රදානය කෙරිණි.
 

More News..