brand logo

එල්.පී.එල් නොවැම්බර් දක්වා කල්යයි

11 August 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. තරගාවලිය මේ මස 28 වැනි දින සිට සැප්තැම්බර් මස 20 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
 

More News..