brand logo

එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට

28 November 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩී මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 175ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ෂහීඩ් අෆ්රිඩී ලකුණු 58ක් රැස්කර ගත් අතර, ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වේ. ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක්, අසාම් ඛාන් ලකුණු 20ක් සහ ෂෙහාන් ජයසූරිය ලකුණු 17ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඩුඈන් ඔලිවියර් කඩුළු 4ක් දවාගැනීමට සමත් වූ අතර, වනිදු හසරංග කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය. අනතරුව පිටියට පැමිණි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී කඩුළු 2ක් දැවී ලකුණු 176ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 92ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.
 

More News..