brand logo

එල්.පී.එල් තරඟ කළ ඕෂදට සතියක විරාමයක්

30 November 2020

  එල්.පී.එල් තරඟාවලියේ පැවති තෙවන තරඟයේදී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ආබධයකට ලක්ව තිබෙන අතර හම්බන්තොට සුරිය වැව ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ පන්දුවට පහරදෙමින් සිටියදී පාදයේ ආබාධය ඇතිව තිබේ. ලකුණක් ලබා ගැනීමට පැති මාරු කිරීමට යාමේදී පාදය ලිස්සා යාමෙන් ඕෂදගේ පාදයේ ආබාධය ඇති වී තිබේ. වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ලබාගනිමින් පිටියෙන් ඉවත්ව ගොස් ඇති අතර වළලුකර ආශ්‍රිතව පදයේ පටකවලට හානි සිදුවී තිබෙන බව හඳුනාගෙන තිබේ. වෛද්‍ය උපදෙස් අනුව සතියක පමණ කාලයක් ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.
 

More News..