brand logo

එල්.පී.එල් තරගාවලියේ තවත් තරග දෙකක් අද

09 December 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 සහ 17 වැනි තරග දෙක අද පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පළමු තරගය පස්වරු 3.30ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටියේ පැවැත්වීමට නියමිතයි. ඒ, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකෙන් තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩාය තරග 6කට සහභාගි වී තරග 4ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 9ක් ලබාගෙන ප්‍රථම ස්ථානයේ රැදී සිටියි. කුසල් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරග 6ක‌ට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ලකුණු 2ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව තිබෙන්නේ පස්වන සහ අවසන් ස්ථානයයි. මේ අතර අද දිනයේ දෙවන තරගය දඹුල්ල වයිකිංග් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානක නායකත්වය දරණ දඹුල්ල වයිකිංග් කණ්ඩායම තරග 6කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදීසිටියි. භානුක රාජපක්ෂ නායකත්වය දරණ ගෝල් ග්ලැඩියේටර්ස් තරග 6කට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ඇති අතර, ඔවුන් රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2කි. ගෝල් ග්ලැඩියේටර්ස් ග්ලැඩියේටස් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදි සිටියි.
 

More News..