brand logo

එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනුනේ මෙහෙමයි

20 October 2020

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින් ‌තෝරා ගැනීමේ අවස්ථාව ඊයේ රාත්‍රීයේ පැවැත් විණි. වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය හරහා සිදුවුනු මෙම අවස්ථාවට කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් ද එක්විය. එහිදී කණ්ඩායම් පහට ක්‍රීඩකයින් තෝරා ගැනුනේ පහතින් දැක්වෙන ආකාරයටයි. ලබන නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සෑම තරගයක්ම පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. කණ්ඩායම් පහක් අතර පැවැත්වෙන මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වේ.
 

More News..